සුපිරි ජංගම දුරකථන ලංකාවට එද්දීම සොරකම්කරලා.

May 9, 2021 at 6:25 AM

විදේශ රටවලින් මෙරටට එවන සුපිරි ජංගම දුරකථන සොර්කම් කිරීමේ ජාවාරමකට අදාලව පුද්ගලයින් කීප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලෝකප්‍රකට කූරියර් සමාගමක මෙරට නියෝජිතයන් දෙදෙනෙකු හා එම ආයතනයෙහි අනියම් කම්කරුවන් කීපදෙනකු ය.

ගුවන් තොටුපළ හරහා මෙරටට එවන මිල අධික ජංගම දුරකථන ගැන අදාල ලියකියවිලි මගින් දැන ගන්නා එම නියෝජිතයන් අදාල කම්කරුවන් ට ඒබව දැනුම්දී ගුවන් තොටුපලේ සීසීටීවී කැමරා නොමැති තැන්වලදී එම පාර්සල් කඩා මෙම සොරකම සිදුකර ඇත.

ඒ ලෙස සොරකම් කළ දුරකථන 16ක් පමණ සොයාගැනීමටත් පොලීසියට හැකීවිය.