රාජ්‍ය ආයතන සඳහා අවම සේවකයින් කැඳවීමට යයි : ගැබිණි මව්වරුන් නොකැඳවයි

May 9, 2021 at 6:49 PM

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

අද පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසුවේ.

ඒ අනුව අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු නව චක්‍රලේඛය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිතයි.

එම තීරණය අනුව ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන් නවත්වා තිබේ.