කොවිඩ් එන්නත නැත්නම් බස් ධාවනය ගැන තීන්දුවක් ගන්නවා

May 9, 2021 at 4:18 PM

බස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබා නොදීම හේතුවෙන් එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා

කොළඹ ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු  මෙම අදහස් පළ කර සිටියා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත මීට දින කිහිපයකට ඉහත දී ලියාපදිංචි තැපැලෙන් ලිඛිතව බස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දෙන ලෙස ඉල්ලීමක් කළද මේ වන තෙක් එම ඉල්ලීම ප්‍රතිචාරයක් නොලැබී ඇති බව ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් බස් රථ සේවකයන් සඳහා හොරණ මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන්නේ නැතිනම් එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ඔහු කියා සිටියා.

එමෙන්ම මේ වන විට බස් රථ සේවකයන් සීයක් පමණ කොරෝනා ආසාදිතයින් බවට පත්වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.