ගුවන් මගියෙකු ෂැම්පු බෝතල්තුළ ලක්ෂ 600 ක කොකේන් ගෙන එයි

May 9, 2021 at 2:14 PM

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින්  කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කෙන්යාවේ නයිරෝබි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද  පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.


ඔහුගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේ දී  ගමන් බෑගයක තුල තිබූ ෂැම්පු බෝතල දෙකක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පාර්සල් තුනක කොකේන් නමැති මත් ද්‍රව්‍යය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක්‌ සොයා ගැනීමට හැකි විය.

මෙම කොකේන් මත් ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 60 කට ආසන්න බව රේගුව පවසයි .