නිරෝධායන රීති කැඩූ වැඩිම පුද්ගලයින් පිරිස ඊයේ අත්අඩංගුවට

May 8, 2021 at 8:47 AM

ගතවූ පැය 24ක කාලය තුළදී නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එක් දිනක තුලදී වැඩිම පිරිසක් අත් අඩංගුවට ගත් දිනය ඊයේ (07) දිනය බවත් පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා පුද්ගලයින් 6539ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරෝධායනයට සම්බන්ධ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙම මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැළදීම, දුරස්ථභාවය නොපවත්වාගැනීම ආදී නිරෝධානයන රීති කඩ කරන පුද්ගලයින් අත් අඩංගුවට ගනු ලබනවා.