පොල්තෙල් සම්බන්ධයෙන් නිකුත් විශේෂ ගැසට් නිවේදනය

May 8, 2021 at 9:34 AM

ආහාරයට ගනු ලබන පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන් සහ විකුණන්නන් ආහරයට ගන්නා පොල් තෙල් සමග කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළයුතු බව එහි දැක්වේ.