දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

May 8, 2021 at 7:45 AM

මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහල ගියා.

පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහල ගියා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර වැලිකඩ බන්ධනාගාරය තුළ මිය ගිය කාන්තාවක්ද වනවා. 68 හැවිරිදි එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 නිව්මෝනියාව, දියවැඩියාව, අධිරුධිර පීඩනය නිදන්ගත වකුගඩු රෝගය, හෘදයාබාද තත්ත්වය සහ ක්ෂය රෝගී තත්ත්වයයි.

මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතර 45 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සූනන්දපුර, ඉලවාලෙයි, කෝංගහවෙල, රත්මලාන, දෙහිඅත්තකන්ඩිය, බදුල්ල, වාද්දූව, කොළඹ 03, රද්දොළුගම, පෝද්දල, අලපලාදෙනිය, අඟුලුගහ, නුවරඑළිය සහ අනුරාධපුර යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වූ සෙසු කොරෝනා මරණ වාර්තා වී තිබෙනවා.