අම්පාර රථ වාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ සිදුවීමේ වීඩියෝව නිකුත් වෙයි

May 8, 2021 at 5:34 PM

අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ දිනයේදී අනතුරට පත් කළ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව පොලීසිය පවසනවා.

ඔහු රජයේ නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බවත් රිය අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

පොලිස් යතුරුපැදියෙන් තවත් නිලධාරියෙකු සමග ගමන් කරමින් සිටියදී අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම අනතුරට මුහුණ දී තිබුනා.