දිස්ත්‍රික්ක 03ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

May 8, 2021 at 7:04 AM

දිස්ත්‍රීක් 03කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් අද අළුයම 05 සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ යන ග්‍රාම නිලධාරීවසම් සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ ගල්උඩුපිට සහ මත්තුමගල යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත සහ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ විද්‍යා සාගර ග්‍රාම සේවා වසමේ බෝ සිරිපුර කොටස සහ මහවස්කඩුව උතුර යන ග්‍රාම නිලධාරී වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කෙරුණා.

යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම සේවා වසම්ද අද අළුයම 05 සිට හුදෙකලා කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.