ඉදිරි සති 03 හා ඉන් එහා කාලසිමාවේ මරණ ඉහළ යාම වැළැක්විය නොහැකි : වෛද්‍ය බලධාරින් ගෙන් ජනපතිට ලිපියක්

May 8, 2021 at 6:05 PM

රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

කොවිඩ් -19 රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමන වැඩිවී ඇති බව දැනගන්නට ලැබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි.

මේ අතර වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානය යොමු කිරීම සඳහා වන කරුණු 07ක් ද එම ලිපියෙන් යොමු කර තිබෙනවා.