තවත් ප්‍රදේශ 12ක් හුදෙකලා කරයි

May 7, 2021 at 7:09 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඊට අමතරව මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සලකා එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ මොහොතේ සිට හුදකලා කර ඇති ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කඩවත පොලිස් බලප්‍රදේශය :

ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල පොලිස් බලප්‍රදේශය :

හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත පොලිස් බලප්‍රදේශය :

පිම්ඹුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම මෙලෙස හුදෙකලා කොට ඇත.

මිට අමතරව අද උදෑසන සිට කළුතර දිස්ත්‍රික්කයට අයත් බදුරලිය පොලිස් බලප්‍රදේශයට අයත් ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම සහ මීගහතැන්න පොලිස් බලප්‍රදේශයට අයත් පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම සහ පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.