පුද්ගලයෙකු පැහැර ගෙන යෑමේ චෝදනාවෙන් මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස්

May 7, 2021 at 4:22 PM

පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් සිරකර තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ජී.එස්. නිශ්ශංක හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවෙන් පැමිණිලි පාර්ශවය විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරිමට ගාල්ල මහාධිකරණය නියෝග කළා.

2009 සැප්තැම්බර් 07 වනදා පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීමේ ඇතුළු චෝදනා 09ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.