මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කෙරේ

May 7, 2021 at 8:07 AM

මෙරටට මුව ආවරණ ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉකුත් වසරේ මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවයි පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ.

දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙනවා.

චීනය ඇතුළු විදෙස් රටවලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)