දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වාර්තා වීම ඉහළට

May 7, 2021 at 9:53 AM

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1895 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඉන් 44 දෙනෙකු විදේශගතව සිට පැමිණි දේශීය පුද්ගලයින් වනවා. ඉතිරි 1851 ක් දෙනා දේශීයව හඳුනා ගනු ලැබූ ආසාදිතයින් වනවා.

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ ආසාදිතයින් 326 දෙනෙකු ලෙසයි. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 102ක්, පිළියන්දල 51ක්, මහරගම 14ක්, දෙහිවල සහ මොරටුව ප්‍රදේශවලින් ආසාදිතයින් 12 දෙනා බැගින්, වැල්ලම්පිටිය 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මීට‍ අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොරගහහේන 60ක්, කළුතර – දකුණ 50ක්, හොරණ 35ක්, පානදුර – දකුණ සහ කළුතර – උතුර යන ප්‍රදේශවලින් ආසාදිතයින් 32 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 273 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වත්තල 37ක්, රාගම 23ක්, මීරිගම සහ කඩවත ප්‍රදේශ වලින් 16ක්, කොටදෙණියාව 14ක්, සපුගස්කන්ද 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 131ක් දෙනෙක් වාර්තා වී ඇත. අම්බලන්ගොඩ 33ක්, අහංගම සහ ඇල්පිටිය ප්‍රදේශවලින් ආසාදිතයින් 16 දෙනා බැගින්, හබරාදුව 14ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 153 දෙනෙකු වාර්තා වී ඇත. වත්තේගම 32ක්, උඩුදුම්බර 22ක්, මහනුවර 11ක්, ගම්පොළ සහ තලාතුඔය ආසාදිතයින් 10 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 48ක්, මාතර 70, කෑගල්ල 19, බදුල්ල 40, අම්පාර 58, අනුරාධපුර 62, වව්නියාව 03, නුවරඑළිය 43, රත්නපුර 68, පුත්තලම 60, යාපනය 09, මාතලේ 90, පොළොන්නරුව 41ක්, හම්බන්තොට 20, කිලිනොච්චි 01, මඩකළපුව 15ක් සහ මොණරාගල 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් මෙරටින් වාර්තා වී ඇත.