දුම්රිය ගමන් වාර 20ක් අවලංගු කෙරේ

May 6, 2021 at 3:43 PM

කොවිඩ් වසංගතය තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20 ක් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ – බදුල්ල , කොළඹ – ත්‍රිකුණාමලය, කොළඹ – කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කර තිබේ.

මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ- අඹේපුස්ස, කොළඹ – පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.