ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින් ගැන තීන්දුව ගනියි

May 6, 2021 at 9:58 AM

සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලුම ගුවන් සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.