ජනපතිගේ යෝජනාවට නීතිපතිවරයා දුන් පිළිතුර

May 6, 2021 at 10:50 AM

මේ මස අවසානයේදී සේවය අවසන් වීමට නියමිත නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

‘තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවට’ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියා.

මේ අතර පසුගිය වසර දෙක තුල නීතිපතිවරයා විසින් නඩු 27,206ක් සම්බන්ධ කටයුතු නිමකර තිබෙන බව නීතිපති දෙපාර්තමේතුව සඳහන් කර සිටිනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ 2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම නඩු කටයුතු නිමකර ඇති බවයි.