මහ මග මියගොස් සිටි පුද්ගලයාට කොරෝනා

May 5, 2021 at 8:01 AM

මියගිය පුදගලයෙකුගේ මළ සිරුරක්, මාරවිල බුජ්ජම්පොල නුවර මාර්ගයේ තිබී සොයාගෙන තිබෙනවා. අනතුරුව එම මළසිරුර ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීමෙන් පසු 1990 ගිලන්රථ සේවාව මගින් මාරාවිල රෝහලට භාර දී තිබෙනවා.

පසුව සිදුකල පීසීආර් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. තනිව ජිවත් වන මෙම පුද්ගලයා රැකියාව ලෙස කර ඇත්තේ පොල් කැඩීම වන බවටයි වර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වෙන්නප්පුවේ බුජ්ජම්පොල හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.