මාළඹේ ප්‍රදේශයේ පුද්ගලයින් 03 දෙනෙකු නිවෙස් තුළදීම මියයයි : PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් බවට හෙළිවෙයි

May 5, 2021 at 11:57 AM

මාළඹේ ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දෙනෙකු නිවාස තුළදීම මියගොස් තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔවුන් සියලුදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මියගිය පිරිස එකම පවුලේ බිරිඳ, ඇගේ ස්වාමි පුරුෂයා මෙන්ම අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවක් බවයි.

ඔවුන් අවුරුදු 84 ත් 91 අතර වයස්වල පසුවන්නන් වනවා.

මියගිය යුවළගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳද මේ වනවිට කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඥාති කාන්තාවගේ දියණියටද මේ වනවිට කොරෝනා වැළඳී ඇති බවයි වාර්තාවන්නේ.

( හිරු වෙබ් අඩවියෙන්)