IPL වෙනුවෙන් ඉන්දියාවට ගිය ඕස්ට්‍රේලියානුවන් 38ක් ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට රැගෙන ඒමේ සුදානමක්

May 5, 2021 at 3:13 PM

කොරෝනා වෛරසය හේතුවෙන් අත්හිටවනු ලැබූ IPL තරගාවලියට සම්බන්ධ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් යළි සිය රට බලා ගෙන්වීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි දින කිහිපයේදී ගනු ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

IPL තරගාවලියට සම්බන්ධව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ තරග විස්තර විචාරකයින් 38 දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව හෝ මාලදිවයිනට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nick Shockley සඳහන් කරන්නේ.

” ක්‍රීඩකයින් ඇතුළු පිරිස හැකි ඉක්මනින් ඉන්දියාවෙන් පිටතට රැගෙන යන බවත් හැකි ඉක්මනින් ඔවුන්ව ඕස්ට්‍රේලියාවට රැගෙන එන තෙක් අදාළ ස්ථානයේ සිටිනු ඇති” ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ.

කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්තවන ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සෘජු ගුවන් ගමන් තහනම් කර තිබෙනවා.