සුදු පොළවල්, සම්බාහන ආයතන පොලිසියෙන් වටලයි : 75 දෙනෙකු අත්අඩංගුවට

May 5, 2021 at 10:45 AM

නව නිරෝධායන රෙගුලාසි අනුව අනවසර මහජන ඒකරාශිවීම් සහ ක්‍රියාකාරකම්වල යෙදී සිටි පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඊයේ සවස 4.00 සිට අළුයම 1.00 දක්වා වන කාලය තුළදී බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

නිරෝධායන නව නීති අනුව ඇතැම් ආයතන විවෘතව තැබීම සහ ඒවායේ ක්‍රියාකාරිත්වයන් තහනම් කොට ඇත.

සමාජ ශාලා 47ක්, ඔට්ටු තබන ස්ථාන 107ක් සහ සම්බාහන මධ්‍යස්ථාන 133ක් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිය නිරීක්ෂණයට ලක් කෙරුණා.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 75 දෙනා අතරින් ආයතන කළමනාකරුවන් 07 දෙනෙකු, සේවක සේවිකාවන් 17ක් සහ සේවා ලබා ගැනීමට පැමිණි 50 දෙනෙකු ද වනවා.

මේ අතර වැලිපැන්න සහ කළුතර උතුර ප්‍රදේශයේ සුදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නිරෝධායන නීති උල්ලංඝණය කිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

කොවිඩ් වසංගතය හමුවේ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.