පළමු වරට කොවිඩ් ආසාදනය වී ගැබිණි කාන්තාවක් මෙරටදී මියයයි

May 5, 2021 at 5:00 PM

ගතවූ පැය 24 ක කාලය තුලදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත සඳහන් කර සිටින්නේ.

මේ අතර මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා බව නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

(මුලාශ්‍ර : Nethnews.lk)