බදුර්දීන්ගේ පාර්ලිමේන්තු ගමන ගැන නීතිපති දුන් තීරණය

May 5, 2021 at 12:24 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

මේ අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වලකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමෙන් සිදුකරනු ලබන විමර්ශන වලට බාධා එල්ලවිය හැකි බවයි.