තවත් දිස්ත්‍රික්ක 04කට අයත් ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි

May 5, 2021 at 6:48 AM

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 12 හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය,වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම යන ග්‍රාමනිලධාරී මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාමනිලධාරී වසමත් මේ මොහෙතේ සිට හුදකලා කර තිබෙනවා.