PCR පරීක්ෂණ කට්ටල සහ උපාංග මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

May 4, 2021 at 10:28 AM

කොවිඩ් -19 වෛරසයේ තෙවන රැල්ල සමග මෙරට තුළ PCR පරීක්ෂණ ඉල්ලුම වැඩිවී ඇති බැවින් එම අවශ්‍යතාවය පරිදි PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වන විට දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් බවත් එය ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බවයි මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ.