IPL තරගාවලිය අත්හිටුවයි

May 4, 2021 at 1:10 PM
ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 ඉන්දියානුප්‍රිමියර් ලීග් තරඟාවලිය දින නියමයක් නොමැතිව අත්හිටු වා තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු ඇතුළු සහයක කණ්ඩායමේ කිහිපදෙනෙකුද වෛරසය ආසාදනය වී ඇත.