ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

May 4, 2021 at 1:52 PM

කොවිඩ් -19 වෛරස ප්‍රභේදය ඉතා අවධානම්කාරි ලෙස පැතිර යන හෙයින් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇත.

එම දුරකථන අංක, අදාල සායන දිනයන්හී දී පමණක් අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවත්, මෙමගින් රෝගීන් රැදී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුල වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම මුලික අරමුණ බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී කුමාරතිලක සදහන් කරයි.