සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාල වකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය

May 4, 2021 at 10:16 AM

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යූහගත කිරීමට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය අගෝස්තු මාසයේ දී සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීම සහ එක් එක් විභාගයේ ප්‍රථිපල මාස 03ක් තුළ නිකුත් කිරිම මගින් සමස්ත ක්‍රියාවලිය දැනට ගතවන මාස 45 ක කාල සීමාව සහ 32ක් දක්වා අඩු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලසීම.

උසස් පෙළ ප්‍රථිපල නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් නොසිට Z අගය මත විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම.

නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රථිපල උසස් වූ සිසුන් සිටි නම් ඔවුන් සඳහා නව කඩඉම් Z අගයන් ලබා දීම මගින් අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීම සහ එම ක්‍රමවේදය 2020 උසස් පෙළ සිට ක්‍රියාත්මක කිරීම.