සංචරණ සීමා පැනවීම ගැන තීරණය අද හෝ හෙට ගන්න පුළුවන් – ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

May 4, 2021 at 2:24 PM

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකාය විසින් අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

“සංචරණ සිමා පැනවීම සිදුකරන්නේ අදාළ කොවිඩ් රෝගීන් ගේ වාර්තා වීම සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක සිදුකරනු ලබන නිරීක්ෂණයකින් පසුවයි. එය දිනෙන් දීන වෙනස් වනවා. සමහර විට මොහොතකින් වෙනස් වෙනවා. ඒ සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන කමිටුව විසින් තීරණ ගනු ලබනවා.

ඒ තීරණය අද සවස හෝ හෙට වෙන්න පුළුවන්. කොවිඩ් අවදානම සම්බන්ධයෙන් රජය සැමවිටම අවදානයෙන් පසුවනවා.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශවලට පමණක් සීමා කරමින් සංචරණ සීමා පැනවීම සිදුකරමින් සිටිනවා.” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී කියා සිටියා.