අබුඩාබි බිග් ටිකට් ලොතරැයියෙන් ඩොලර් මිලියන 3.3ක පළමු ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි

May 3, 2021 at 11:39 PM

සඳුදා පැවති “අබුඩාබි බිග් ටිකට්” ලොතරැයි දිනුම් ඇඳීමෙන් ඩිරාම් මිලියන 12ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3.3ක) වටිනාකමකින් යුත් ත්‍යාගයක් දිනා ගැනීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිෂ්ෆක් සමත්ව තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 29 වෙනිදා මිලදී ගත් අංක 054978 දරණ ටිකට් පතට ඩුබායිහි පදිංචි ඔහු විසින් පළමු ත්‍යාගය දිනා ගැනීමට සමත්ව ඇත.

“මගේ දෙවියනි… මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන්නේ ඔබයි..” ජයග්‍රාහි මිෂ්ෆක්, බිග් ටිකට් ලොතරැයි තරගයේ මෙහෙයවන්නා වන රිචඩ්ට දුරකථනයෙන් අමතමින් ප්‍රකාශ කර සිටියා.

” බොහොම ස්තුතියි.. දැන් මම ඉන්නේ ශ්‍රී ලංකාවේ. නිවාඩුවට ඇවිත්. මම ගොඩක් කලබල වෙලා ඉන්නේ. මට කිසිවක් කියාගන්න තේරෙන්නේ නැහැ” ලොතරැයි ජයග්‍රහණයෙන් උදම්වූ මිෂ්ෆක් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මිෂ්ෆක් හැරුණු විට එම ලොතරැයි දිනුම් ඇඳීමෙන් තවත් කෝටිපතියන් දෙදෙනෙකු බිහිවූ අතර, ඔවුන් දෙදෙනාම ඉන්දියානු ජාතිකයින් වනවා. ඔවුන් පිළිවලින් අමෙරිකානු ඩොලර් මිලියන 03ක් සහ මිලියනයක් දිනා ගන්නා ලදී.