සිය මංගල ටෙස්ට් තරගයේදීම වාර්තා පොත් අතරට ගිය “ප්‍රවීන්” ගේ සුපිරි පන්දු යැවීම

May 3, 2021 at 12:10 PM

සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක් දවා ගනිමින් සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද සමත් වුවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති 02 වන ටෙස්ට් තරගයේදී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 178 කට කඩුලු 11ක් දවා ගනිමින් ඔහු එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. මිට පෙර මෙවැනි වාර්තාවක් තැබීමට කිසිදු ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු සමත්ව තිබුනේ නැහැ.

මංගල ටෙස්ට් තරගයේදී මෙවැනි දක්ෂකම් දැක්වූ ලොව 16 වන පන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රම පත්වුවා.

බංග්ලාදේශය සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජය ගැනීමට සමත්වූවා.

ශ්‍රී ලාංකිකයෙකු සිය මංගල තරගයේදී මීට පෙර දැක්වූ හොඳම පන්දු යැවීම අකිල ධනංජය (8/44) විසින් සටහන් කරනු ලැබුවා.