ධම්මික තිසර වෙනුවෙන් කළ ඉල්ලීම

May 3, 2021 at 2:11 PM

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරිමට මෙය සුදුසු අවස්ථාව නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තවත් දේ සිදුකිරිමට කාලය ඇති බව හිටපු වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සඳහන් කර සිටිනවා.

සිට ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ධම්මික ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කරන්නේ තරුණ පරිනත ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ සිදුකිරීමට ඉතිරිව තිබෙන බවයි.

තිසර පෙරේරාගේ මෙම තීරණය සම්බන්ධයෙන් සහ ඔහුට ක්‍රීඩා කිරිමට ඇති ඉඩ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ජා කළ යුතු බවයි ධම්මික ප්‍රසාද් මෙහිදී අවධාරණය කර තිබෙන්නේ.