දිලුම් අමුණුගමට නව රාජ්‍ය ඇමති ධුරයක්

May 3, 2021 at 12:23 PM

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද ඔහු විසින් දරනු ලබනවා.