බස් වල කවුළු විවෘත කරන්න උපදෙස් AC බස් මගීන්ටත් අවවාදයක්

May 2, 2021 at 10:26 AM

මෙරට පොදුප්‍රවාහන සේවා සපයන වායු සමනය බස් රථවල මගීන් අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

හෙට සිට යලි කාර්‍යාල සේවා ආරම්භ වන බැවින් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සැලකිලිමත්වන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා අවස්ථා වලදීත් ඒවායේ කවුළු විවෘතව තබන ලෙස ඔහු සඳහන් කළා.