බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින් 780ක්

May 2, 2021 at 8:50 AM

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 1,716 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා.

එම පිරිස අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 375 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් 128 දෙනෙකු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඊට අමතරව පාදුක්ක ප්‍රදේශයන් 43ක්, පිළියන්දල 19, බොරැලැස්ගමුව 21, හෝමාගම 15, පන්නිපිටිය 13, රාජගිරිය 12, බොරැල්ල 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 247 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මිගමුව 31,මීරිගම 18, මාවරමණ්ඩිය 13, කටාන සහ කොච්චිකඩේ ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 158 දෙනෙකු වාර්තා වී තිබු අතර ඉන් 39 දෙනෙකු කළුතරින් ද, හොරණ 24ක්, පානදුර 13ක් සහ මතුගම 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙකු හමුවී ඇත. කුරුණෑගල 26, මෙතිලිය 19, පන්නල 16ක් ලෙස වැඩි වශයෙන් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ලෙස සඳහන්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 138 දෙනෙකු වාර්තා වී ඇත. මදුරාවල 19, හබරාදුව 17, රත්ගම 11, ගාල්ල 13ක් ලෙස වැඩි වශයෙන් ආසාදිතයින් හමුවූ ඇත.

මීට‍ අමතරව මහනුවර 84, යාපනය 24, කෑගල්ල 04, පුත්තලම 33, අනුරාධපුර 45, ත්‍රිකුණාමලය 82, මොණරාගල 56, මාතර 70, පොළොන්නරුව 19, මාතලේ 56, අම්පාර 05, බදුල්ල 12, නුවරඑළිය 56, රත්නපුර 84, වව්නියාව 02, මඩකළපුව 09, හම්බන්තොට 15, මුලතිව් 01, මන්නාරම 09, කිලිනොච්චිය 07 සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.