ආනන්දේ අය විශේෂයි – කිංස්ලි රත්නායක (VIDEO)

May 2, 2021 at 6:50 PM

වසර 28ක් පුරා සිරස මාධ්‍ය ආයතනයේ නිවේදකයෙකු මෙන්ම විධායක ශ්‍රේණිය නිලයක් හෙබවූ කිංස්ලි රත්නායක මිට දින කිහිපයකට පෙර සිය වෘත්තියට සමුදුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුව සිය මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කිරීමත් සමගයි.

වත්මන් ජනාධිපතිතුමා මෙන්ම කිංස්ලි රත්නායක ද ආදී ආනන්දයින් වීම ඊට හේතුවක් විද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල විවිධ ප්‍රචාර පළව තිබු අයුරු දක්නට ලැබුනා.

කෙසේ වුවත් හරේන්ද්‍ර ජයලාල් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් එම පැනයට කිංස්ලි රත්නායක ලබාදුන්නේ අපුරු පිළිතුරක්..

” මෙරට පැවති යුද්ධය නියාමනයේ නායකත්වය දරන්නේ ආනන්දයෙන් බිහිවෙන අයයි. ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්තුමා වගේ මේ සියල්ලම ආනන්දයෙන් බිහිවුණු අයයි. ඒ සහෝදරාත්මක බැම්ම හරි තදයි. අනෙක් අයට පිඩාවක් නොවනතාක් මමත් ඒකට එකඟයි. එයින් තව කාවහරි පිඩාවට පත්කරනවානම් මම ඒ කඳවුරෙන් එලියට එනවා. ආන්නදයට විශේෂත්වයක් කරනවා නෙමෙයි, ආනන්දේ අය විශේෂයි.”

සම්පුර්ණ වැඩසටහන පහතින්..