කුරුණෑගලින් 329ක් සහ කොළඹ 317ක් ලෙස ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි

May 1, 2021 at 11:53 AM

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1662ක් අතුරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වන 329 දෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයෙන් 93ක් ලෙස වාර්තා වී ඇත. ඊට අමතරව කුරුණෑගල නගරයෙන් 49ක්, පන්නල 60, මාවතගම 30, හෙට්ටිපොළ 18ක් සහ නාරම්මල 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 317 දෙනෙකු වාර්තා වී ඇත. කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයින් 146ක්, කැස්බෑව 51ක්, කොම්පඤ්ඤ වීදිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවලින් ආසාදිතයා 15 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්‌කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 193 දෙනෙකු වාර්තා වී ඇත. බියගම 43ක්, මිනුවන්ගොඩ 28, සපුගස්කන්ද 24, දිවුලපිටිය 16, කොටදෙණියාව 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මීට අමතරව කලුතර ආසාදිතයින් 100, ගාල්ල 114ක්, මාතලේ 101ක්, මහනුවර 54ක්, යාපනය 43ක්, කෑගල්ල 07, පුත්තලම 31, අනුරාධපුරය 30, ත්‍රිකුණාමලය 11, මොණරාගල 36, මාතර 27, පොළොන්නරුව 41, අම්පාර 90, බදුල්ල 15, නුවරඑළිය 21, රත්නපුර 14, වව්නියාව 02, මඩකලපුව 19, හම්බන්තොට 32, මුලතිව් 01ක්, මන්නාරම 05ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 26 දෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.