Suicide or Murder : සුෂාන්ත් සිං ගේ මරණය චිත්‍රපටයකට නැගෙයි

April 30, 2021 at 10:39 AM

ඉන්දීය සිනමාව උඩු යටිකුරු කළ හා එය වසා පැතිර සිටින ඥාති සංග‍්‍රහ ආධිපත්‍යයේ නිරුවත හෙළිදරව් කළ සිදුවීමක් වූ ජනප‍්‍රිය හින්දි නළු සුශාන්ත් සිංගේ මරණය පිළිබඳ කතාබහ යළි කරළියට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ ජූනි මස සිදු වූ එම සිදුවීම අදටත් හෙළි නොවූ අභිරහසක්. සුශාන්ත්ගේ මරණය සිය දිවි නසාගැනීමක් නොව ඝාතනයක් බවට බොහෝ දෙනා මත පළකරනවා. එම අභිරහස මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින්නක්.

එහි අලූත්ම කතාබහ නම් එම සිදුවීම පාදක කොටගෙන චිත‍්‍රපටයක් නිපදවෙන බවයි. එය නම් කොට ඇත්තේ Suicide or Murder නමින්. මෙහි විශේෂය වන්නේ මෙහි සුශාන්ත්ගේ චරිතය රඟපානු ලබන්නේ ඔහුගේ රසිකයකු විසින් වීමයි. සුශාන්ත්ගේ රූපයට බෙහෙවින් සමාන පෙනුමකින් යුත් සචින් තිවාරි නම් මෙම ආධුනික නළුවාගේ පළමු රංගනය මෙයයි. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ෂමික් මවුලික් විසිනුයි. ීමසජසාැ දර ඵමරාැර චිත‍්‍රපටයේ නිෂ්පාදක වූ විජෙයි ෂේකර් පැවසුවේ තම අදහස වන්නේ සුශාන්ත්ගේ නම විකුණා මුදල් ඉපයීම නොව බොලිවුඞ් සිනමා කර්මාන්තය වසා සිටින මාෆියාව හෙළිදරව් කිරීම බවයි.