ඊයේ PCR පරීක්ෂණ 27104ක්. සෑම පරීක්ෂණ 18 කටම එක් ආසාදිතයෙකු හමුවේ.

April 30, 2021 at 12:51 PM

ඊයේ දිනය තුළ සිදුකළ PCR පරීක්ෂණ ගණන 27104ක් බව වාර්තා වේ.

එමගින් මෙරට වාර්තා වූ ආසාදිතයින් ගණන 1531කි.

ඒ අනුව පරීක්ෂණ / ආසාදිත අනුපාතය දැක්වෙන්නේ 17.7 ක් ලෙස බව Istitute For   Health Policy නම් දත්ත විශ්ලේශන ආයතනය පෙන්වා දෙයි.

මෙම දත්ත වලට අනුව සිදුකළ සෑම PCR පරීක්ෂණ 18 කටම එක් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වනබව නිගමනය කෙරේ.

මෙම අනුපාතය අනුව රෝගීන් වාර්තා වීමේ අගය ඉහළ යමින් පවතින බවටද එම ආයතනය අනතුරු හඟවයි.