තවත් පොලිස් බලප්‍රදේශ 05ක් හුදෙකලා කරයි

April 30, 2021 at 6:57 AM

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මිට අමතරව කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් දෙක, මොණරාගල පොලිස් බලප්‍රදේශයේ සියඹලාන්ඩුව හා හෙල්මුල්ල ග්‍රාම නිලධාරී වසම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.