ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවා සම්බන්ධයෙන් දැනුම් දීමක්

April 30, 2021 at 4:12 PM

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්යුයත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත.

ඉදිරි සති 02ක කාලයේ දී, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/0112354550
Fax 0112348855
publicaffairs@presidentsoffice.lk

ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073
ombudsman@presidentsoffice.lk

ජනාධිපති අරමුදල – 0112354354
Fax 0112331243
fundsecretary@presidentsoffice.lk