අවුරුදු විසි අටකට පස්සේ සිරසට අස්වීමේ ලිපිය බාර දීලා මම හොඳට නිදාගත්තා – කිංස්ලි රත්නායක (VIDEO)

April 30, 2021 at 3:16 PM

තමන් වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක සඳහන් කර සිටිනවා. Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්බන්ධ වෙමින් කිංස්ලි රත්නායක මේ බව ප්‍රකාශ කර සිටියා.

සිරස ආයතනයෙන් තමන් ඉල්ලා අස්වූයේ අතිශය පුද්ගලික හේතුවෙන් බවත් එය විටක ඇතිවූ කලකිරිමකින්ද යුක්තව සේවය කිරීමට සිදුවූ බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ. ඒ තමන් නිවේදකයෙකු ලෙස කටයුතු කළ සීමාවට වඩා කාර්යාලය තුලදී රාජකාරියේ යෙදීමට සිදුවූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජිවිතයේ විවිධ කාල සීමාවලදී උස් පහත්කම් වලට මුහුණ දුන් බවත් එය ජිවිතයේ හොඳ අත්දැකීමක් බවයි ඔහු කියා සිටියේ.

කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

තමන්ගේ ජිවිතයේ නිවේදකයෙකු ලෙස ආරම්භ කළ ස්ථානයේ සිට මේ සිදුවූ අපුරු සිදුවීම් සම්බන්ධයෙන් කිංස්ලි රත්නායක මෙසේ ප්‍රකාශ කර සිටියා.