ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ජේෂ්ඨයින් ඉවත් කිරීමේ තීරණයක්

April 28, 2021 at 8:04 PM

එළෙඹෙන බංග්ලාදේශ සහ එංගලන්ත එක්දින තරග සංචාරවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා ඉදිරි එක්දින තරග සංචාරවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජෙශ්තයෙක් Newswire වෙබ් අඩවිය සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඉදිරි තරගාවලියන් වලින් ඉවත් කිරීමට ඉදිරි දිනවලදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ලබන මාසයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග එක්දින තරගාවලියකට සහ ජුනි මාසයේදී එංගලන්තයේ දී එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ඒ විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානකට එක්දීන කණ්ඩායමේ නායකත්වය දැරීමට අවස්ථාව උදාකර දීමටයි.