තැන තැන හමුවූ කොවිඩ් ආසාදිතයින් : කොළඹ 200, ගම්පහ 198ක්

April 28, 2021 at 8:54 AM

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 14ක්, පිළියන්දල 09ක්, රත්මලාන සහ වැල්ලවත්ත යන ප්‍රදේශවලින් ආසාදිතයින් 08 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බියගම 22ක්, වත්තල 17ක්, ආඬිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 36 දෙනෙක් කුලියාපිටියෙන් ද, පන්නල සහ බිංගිරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින්ද, වාර්තා වී තිබෙනවා.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්, කළුතර 70ක්, මොණරාගල 37ක්, මාතර 38ක්, කෑගල්ල 14ක්, බදුල්ල 20ක්, අම්පාර 17ක්, ත්‍රිකුණාමලය 28ක්, අනුරාධපුරය 07, මන්නාරම 01, වව්නියාව 03, මහනුවර 74, නුවරඑළිය 55, රතනපුර 15, පුත්තලම 8, යාපනය 9, මාතලේ 32, පොළොන්නරුව 41, මඩකලපුව 08, හම්බන්තොට 15, මුලතිව් 01ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.