කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කෙරේ

April 23, 2021 at 6:53 AM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.