IDH රෝහල උපරිම ධාරිතාවයට : කොවිඩ් රෝගීන්ගෙන් සීයයට 20 කට ඔක්සිජන් දෙති

April 22, 2021 at 4:08 PM

අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසනවා. එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන්.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබෙන අතර ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වන්නේ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කර සිටියි.