රට තුල නව කොවිඩ් ප්‍රභේදයක ව්‍යාප්තියක් ගැන සැකයක් – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

April 20, 2021 at 8:27 PM

මෙරට තුල නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතිනවාද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරනවා.

මෙරට තුල ඉකුත් සති 2-3 ට සාපේක්ෂව මේ වන විට මෙරට තුල කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම දැඩි සත්කාර ඒකකයන් හි ඇදන් වැඩි වශයෙන් පිරෙමින් පවතින බවයි මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ.

මේ හේතුව නිසා රට තුල වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේදයක් පැතිර යමින් තිබෙනවද යන්න ගැන සැකයක් මතුව තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.