ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව තවත් කල් යයි

April 19, 2021 at 5:09 PM

මෙරට ජනතාව සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව මැයි මාසයේ පළමු සතියේ ලබා දීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙහි පළමු මාත්‍රාව පසුගිය ජනවාරි 29දා ලබා දීම ආරම්භ වූ අතර මේවනවිට ලක්ෂ 9කට අධික පිරිසකට එහි පළමු මාත්‍රාව ල්බාදී ඇත.

දෙවන මාත්‍රාව අප්‍රේල් 23සිට ලබා දෙනබව මීට පෙර ප්‍රකාශ වී තිබුනත් එය මැයි මස පළමු සතිය දක්වා කල් දැමීමටයි අද රැස්වූ කමිටුව තීරණය

ක ර ඇත්තේ.

මේ වනවිට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් මාත්‍රා ලක්ශ තුනක් පමණ මෙරට සෞඛ්‍ය අංශ සතුව පවතින බව වාර්තා වේ.

ඉතිරි එන්නත් තොගය ද අදාල කාල සීමාව වන විට  ඉදිරියේදී ලැබෙනු ඇතිබවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත් සමාගම මේ වනවිට අර්බුදයකට මුහුණ දී ඇත්තේ එරට දේශීය ඉල්ලුම ඉහල ගොස් ඇති නිසාවෙනි.

මේ වන විට එම සමාගම එන්නත් අපනයනය සීමාකර ඇතිබව දැනුම්  දි තිබේ.

පවතින තත්ත්වය මත ප්ළමු මාත්‍රාව ලබාදීම ද පසුගිය 11සිට සිදුවී නැත.