මුරලිදරන් රෝහල් ගත කරයි

April 18, 2021 at 10:52 PM

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේ ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි රෝහලකට ඇතුලත් කර තිබෙනවා. ඒ සුළු ශල්‍යකර්මයක් කිරීම සඳහායි.

මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

වාර්තාවන පරිදි මුරලිදරන් සෞඛ්‍ය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දියාවට පැමිණීමෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව රෝහල්ගතව තිබෙනවා.