චීනයේ ලද සහයත් සමග රුපියල ශක්තිමත් වෙයි

April 16, 2021 at 3:20 PM

පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත දත්ත මගින් අද පෙන්නුම් කර සිටියා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 201.28ක් ලෙස සඳහන් වූ අතර එහි ගැනුම් මිල රුපියල් 195.72 ක් ලෙසින් වාර්තා විය.

ඊයේ (15) දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු. 204.62 ක් දක්වා ඉහළ යනු ලැබුවා.

චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල එලෙස අධිප්‍රමාණ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.